සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආගමික හා සාරධර්ම අංශය සහ ර/තුන්අඳහේන විද්‍යාලය එක්ව සංවිධානය කළ "ජාතීන් අතර සංහිඳියාව හා ආගමික සුහදතාව පාසල තුළින්" යන තේමාව යටතේ බක්මහ උළෙලක් පසුගියදා පැවැත්විණි. සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ මඟ පෙන්වීම යටතේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ කන්තලේ විජිතවංශ හිමි සහ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ වේහැල්ලේ සුනන්ද හිමිගේ මූලිකත්වයෙන් ර/තුන්අඳහේන විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ සංවිධානයෙන් ඉතා සාර්ථකව පැවැතුවුණි. කහංගම බෞද්ධ විද්‍යාලයේ හා පහලගම බෞද්ධ විද්‍යාලයේ බෞද්ධාගමික සිසුන්, මාටුවාගල දෙමළ විද්‍යාලයේ හින්දු ආගමික සිසුන්, කුරුවිට සහිරා විද්‍යාලයේ ඉස්ලාම් ආගමික සිසුන්, ඇලෝසියස් ජාතික පාසලේ හා ජේස් බිළිඳාගේ කන්‍යාරාමයේ කතෝලික ආගමික සිසුන් මේ සඳහා සහභාගි විය. දරුවන්ගේ ජන නැටුම් හා ජන ක්‍රීඩා තරඟ රාශියක් පැවැත්වුණි.