ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ සංසදය මඟින් පවත්වනු ලැබූ 2022-APICTA Awards ජාත්යන්තර රන් සම්මානය සබරගමු පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුවට

ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ සංසදය මඟින් පවත්වනු ලැබූ 2022-AP
ICTA Awards ජාත්යන්තර රන් සම්මානය සබරගමු පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව විසින් දිනා ගෙන ඇත.
සබරගමු පළාත් අධ්යාපන දෙපාර්තමේන්තු වර්ෂ 2017 සිට ක්රියාත්මක කල අධ්යාපන ක්ෂේත්රයේ දත්ත පද්ධතිය හා මෘදුකාංගය පද්ධතිය (Education Management Information System - සිප්තතු) සඳහා මෙම රන් සම්මානය දිනා ගනු ලැබීය.
මීට අදාළ තරඟාවලිය පකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේ පිහිටි ෂෙරින් හෝටල් පරිශ්රයේ දී මෙම මස 07 දින සිට 11 දින දක්වා පැවැත්වුණි. සම්මාන ප්රදානය මෙම මස 11 දින Air university පරිශ්රයේ දී පකිස්ථානයේ තොරතුරු තාක්ෂණ අමාත්ය ෂයිඩ් අමිනුල් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණි. මෙම APICTA Awards සම්මානය ප්රදානය කරන ආසියානු පැසිෆික් තොරතුරු තාක්ෂණ සංසදයේ ශ්රී ලංකාව වසර 21 ක සාමාජිකත්වය හිමිය.
එම විසි එක් වසර තුළ ශ්රි ලංකාවේ රාජ්ය ආයතනයක් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්රථම අවස්ථාව මෙය වේ. මෙම තරඟාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සහ බ්රිතාන්ය පරිගණක සංගමය එක්ව පවත්වනූ ලැබූ තරඟාවලියේ දී ජයග්රහණය හිමි කර ගත යුතුය.
ඒ සඳහා රාජ්ය සහ පෞද්ගලික අංශ යන දෙයංශයටම ඉඩ ප්රස්ථාව හිමි වේ. ශ්රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සහ බ්රිතාන්ය පරිගණක සංගමය එක්ව පවත්වනූ ලැබූ තරඟාවලියේ රාජ්ය අංශය නියෝජනය කළ සබරගමු පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුවේ සිප්තතු දත්ත පද්ධතිය නොවැම්බර් මස 11 දින රන් පදක්කම හිමිකරගනු ලැබීය. මින් ජයග්රහණය කල සබරගමු පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව සහ තවත් පෞද්ගලික ආයතන 6ක් පකිස්ථානයේ පැවති තරගාවලියට ඉදිරිපත් විය. APICTA Awards සම්මාන තරඟාවලිය සඳහා ඕස්ට්රේලියාව ඇතුළු රටවල් 16 ක රාජ්ය සහ පෞද්ගලික ආයතන 400කට එක්ව සිටි අතර ඊට සබරගමු පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව ද සහභාගි වී තිබුණි.
ඒ අනුව විවිධ කාණ්ඩ 24 ක් සදහා මෙලෙස රන් සම්මාන ප්රදානය කරනු ලැබීය.
මෙම තරගාවලියේ දී Digital Government යටතේ රාජ්ය පුරවැසි සේවා සැපයුම් යන කාණ්ඩය ට තරඟ වැදී මෙම රන් සම්මානය සබරගමු පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව විසින් දිනා ගෙන ඇත.
2022-APICTA Awards හෙවත් The OSCAR OF ICT සම්මානය දිනා ගත් සබරගමු පළාත් අධ්යාපන දෙපාර්තමේන්තු වර්ෂ 2017 සිට ක්රියාත්මක කල අධ්යාපන ක්ෂේත්රය දත්ත පද්ධතිය හා මෘදුකාංගය (Education Management Information Syst
em) සිප්තතු දත්ත පද්ධතිය තුළින් සබරගමු පළාතේ පාසල් 1120 ගුරුවරුන් විදුහල්පති ගේ සහ නිලධාරින් 30,000 කගේ දත්ත ඇතුලත්ය.
ඒ අනුව ඔවුන්ගේ ස්ථාන මාරුවීම්, තුලනය, වාර්ෂික ස්ථාන මාරුවීම්, අනියුක්ත කිරීම්, තොරතුරු ලැයිස්තු ලබා දීම හා කාර්යය මණ්ඩල නියාමනය මෙම සිප් තතු පද්ධතිය හරහා අන්තර්ජාලය යටතේ ක්රියාත්මක කිරීමට හැකියාව හිමිවේ.